ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ අපේ බ්ලොග් සිතියමෙන් අලුත්ම බ්ලොග් එකක් හදුන්වාදෙන්න හදන්නේ. මේ බ්ලොග් එක බ්ලොග් සිතියමට එකතු කරන්න ඉල්ලීම ඇවිත් දැන් ගොඩාක් දවස් එත් ඉතින් කාර්යබහුලත්වය නිසා එය මග හැරුනා. මේක තමන්ගේ අත්දැකීම් අනිත් අය එක්ක බෙදාගන්න ලියන බ්ලොග් එකක්. මම පොස්ටු දෙකක් තුනක් කියවලා බැලුවා. ඉතාම හොදයි. සරල බ්ලොග් අතුරුමුහුණත නිසා කියවන අයටත් ගොඩාක් පහසුයි. ඉතින් බ්ලොග් කියවන ගමන් පොඩ්ඩක් ගිහින් බලන්න.
Blog URL : http://poddekoluwa.blogspot.com/
Add Date : 2015-04-03
Platform : Blogger
ඔන්න මේකත් සරල Theam එකක් තියන එත් අන්තර්ගතය සරල නොවෙන තවත් කවි බ්ලොග් එකක්. මේ කවිකරුවා තමන්ගේ සිතුවිලි ඩිජිටල්කරණය කරන්න ගත්ත සාර්ථක උත්සහයක් කියලයි මම නම් මේක දකින්නේ. ඔයාලත් කවි කියවන්න ආස කෙනෙක් නම් අනිත් අයගේ සිතුවිලි අගය කරන කෙනෙක් නම් ඔයාටත් මේ බ්ලොග් එක කියවා බලන්න පුළුවන්.
Blog URL : http://sihina11.blogspot.com/
Platform : Blogger
Add Date : 2014-12-17
මේ තවත් අලුත්ම තාක්ෂණික බ්ලොග් එකක්. තවම මුලික මට්ටමේ වුනත්, ඔයාලට බ්ලොග් ලියන හැටි වගේ දේවල් සරලසිංහලෙන් කියලා දෙන්න බ්ලොග් රචකයා සමත්වෙලා තියනවා. තාක්ෂනය ගැන උනන්දු ඔයාලට මම ආරාධනා කරනවා ඇවිත් පොඩ්ඩක් මේ බ්ලොග් එකත් බලලා යන්න.
Blog URL : http://hasirico.blogspot.com/
Flatform : blogger
Add Date : 2014-12-17