අසිරිමත් විශ්වයේ... නිමක් නැති අභිරහස්

අද අපි බ්ලොග් සිතියමෙන් මේහදුන්වා දෙන බ්ලොග් එක ටිකක් වෙනස් අරමුණක් නිසා ලියන්න ගත්ත බ්ලොග් එකක්. අපි පොඩි කාලේ වුනත් දැන් වුනත් පිටසක්වල ජීවින් ගැන තියෙන්නේ නොමද කුතුහලයක්. ඇත්තටම ඒ දේවල් ගැන අපි දන්නා දේවල් වලට වැඩිය නොදන්නා දේවල් වැඩියි කියන එක ආයිත් කියන්න දෙයක් නෙමෙයිනේ. තවම විද්‍යා ගවේෂකයන් පවා මේ කරුණ පිලිබදව පැහැදිලි මතයක් ඉදිරිපත් කර නැහැ. වරක් සිදුකල සමීක්ෂණයක් මගින් හෙලිදටවූ වෙලා තියනවා මේ පිටසක්වල ජීවය ගැන තියන වෙබ් අඩවි ප්‍රමාණය දෙවෙනි වෙන්නේ අසභ්‍ය වෙබ් අඩවි ප්‍රමාණයට පමණක් බව. එත් ඉතින් සිංහල භාෂාවෙන් ඒ ගැන කියවන්න තියන වෙබ් අඩවි ගැන නම් අතේ ඇගිලි ගානටත් අඩු බව කියන්න වෙන්නේ දුකෙන්. එත් ඒ දැනුම් පිපාසාව සංසිදුවීමට මේ බ්ලොග් අඩවිය ගොඩාක් වැදගත් වෙයි කියලා බ්ලොග් සිතියමේ අපි හිතනවා. ඉතින් පොඩ්ඩක් ඔලුව දාල බැලුවොත් ඔයාට පාඩුවක් නම් වෙන එකක් නැ.

Blog URL : http://www.ufonewzlanka.blogspot.com/
Platform : Blogger
Add date : 2014-11-22

No comments: